නාලන්ද සිසු - ගුරුතුමී video ගැන නලින්දගෙන් ප්‍රකාශයක්
කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය නායක සිසුවා සහ ගුරුවරියන් සම්බන්ධ වීඩියෝ සිද්ධිය ගැන අද (27) දින කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයට කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ලබාදුන් පිළිතුර මෙසේය. "රජයක් ලෙස මෙවැනි ගැටලු දෙස බලන කල, පුද්ගලික තොරතුරු සහ පුද්ගලිකත්වය ඉලක්ක කර ගනිමින් මෙවැනි දෑ ප්‍රචාරය වීම තුළින් එම පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතවලට බරපතළ ප්‍රශ්න ඇති විය හැකියි.
මෙහි හරි වැරැද්ද නිගමනය කිරීම අප සතු කාර්යයක් නොවේ.
අධිකරණ ක්‍රියාවලියකට පරිබාහිරව, රජයක් ලෙස පුද්ගලික තොරතුරු ඉලක්ක කර ගනිමින් සිදුවන මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය නියාමනය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුව ඇත. ගුරුවරියක හෝ ඇමැතිවරියක පාසලකට යාම සහ මෙය අතර කිසිදු සම්බන්ධයක් තිබිය නොහැකියි.
මෙමගින් පෙන්නුම් කරන්නේ අපේ සමාජය තුළ පවතින සදාචාරාත්මක පිරිහීම සහ හර පද්ධතීන්ගේ බිඳ වැටීමයි. මනුෂ්‍යත්වය සහ සමාජයක් ලෙස අප ස්ථානගත විය යුතු ආකාරය පිළිබඳව බරපතළ පිරිහීමක් මෙතැන පෙනෙන්නට තිබේ. මෙය සමාජය තුළ පවතින එම ඛේදවාචකය මතු වූ එක් අවස්ථාවක් පමණි. සමාජයක් හෝ ආයතන පද්ධතියක් මෙවැනි තත්ත්වයකට පත්වීමට බලපා ඇති හේතු රාශියකි.
සිදුවීමක් වූ පසු එහි අතුරුඵල ගැන සිතා දුක් වීමෙන් පලක් නැත. රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විටත් විමර්ශනයක් කැඳවා තිබේ. පුද්ගලයන්ගේ අනන්‍යතාවය සහ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇත. මෙතෙක් අප නිරන්තරයෙන් කතා කළේ මාධ්‍ය නිදහස ගැන වුවද,
දැන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් පුරවැසියාට සිදුවන බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. එම මාධ්‍ය ආයතන හෝ සමාජ මාධ්‍ය හසුරුවන්නන් ස්වයං නියාමනයක් සිදු කර නොගන්නේ නම්, රජයට ඒ සඳහා මැදිහත් වීමට සිදු වේ.
ඒ සම්බන්ධයෙන් නියාමන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු අතර, සබැඳි ආරක්ෂණ පනත (Online Safety Bill) යනු එහි එක් අදියරක් පමණි. එය දැන් පවතින්නේ අවසන් අදියරේයි. මහජන අදහස් විමසීම සම්පූර්ණ කිරීමෙන් පසු එම පනත ගෙන ඒමට කටයුතු කරනු ඇත.
මෙවැනි සිදුවීම් නිසා යම් අයෙක් තමන්ගේ ජීවිතය පවා අහිමි කර ගන්නා තත්ත්වයකට පත්විය හැකියි. එවැනි උත්සාහයන් වාර්තා වූ පසුව පියවර ගැනීමෙන් පලක් නැත. පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය මෙම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ඒ නිසයි."
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)✉️ editor@gossiplankanews.com ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ: ගොසිප් ලංකා ප්‍රවෘත්ති WhatsApp ඔස්සේ ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ Recent Posts 8/recent/post-list 5/recent2/post-list 5/recent3/post-list 5/recent4/post-list Search Footer Menu Widget© 2008-2026 Gossip Lanka News All Rights Reserved.Gossp Lanka News™ & © Yathura Media Networks (Pvt) Ltd